නිලන්ත ජයවර්ධනට අධිකරණයට පෙනී සිටින ලෙස නොතීසි

සැප් 27, 2024
    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියමකළ රුපියල් මිලියන 75 ක වන්දිය සම්පූර්ණයෙන් ම ගෙවීමට අපොහොසත් වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
    ඒ අනූව, නිලන්ත ජයවර්ධන මහතාට ඔක්තෝබර් 7 වැනිදා පෙරවරු 9.30 ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත්, අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් නියෝග කළා.
    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2024 11:24

    Latest News