ඒ, පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල අය සමග මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අද පැවති හමුවකදී. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකස් කරන බවයි.
කටුවාපිටිය ශාන්ත සෙබන්තියන් දේවස්තානයට අද පෙරවරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පිළිගනු ලැබුවා.