තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මැදියමෙන් අවසන්

ඔක් 08, 2024
    පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම අද (08) මධ්යම රාත්රියෙන් අවසන් වනවා.

    මේ දක්වා එම අයඳුම්පත් බාර දිමට නොහැකිවූවන් තම අයඳුම්පත සම්පූර්ණ කර, දිස්ත්රික් මැතිවරණ කාර්යාලය වෙත ගෙනවිත් බාර දෙන ලෙස, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.

    ඊයේ වන විට ස්වාධීන කණ්ඩායම් 203 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
     
    දේශපාලන පක්ෂ 9 ක් සහ ස්වාධීන කණ්ඩායම් 9 ක්ද නාම යෝජනා බාර දි ඇති බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටින්නේ.
     
    නාමයෝජනා බාර දෙන සියලුම අපේක්ෂකයින් තම වත්කම්, බැරකම් ප්රකාශය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.
     
    නාම යෝජනා බාර දීම අවසන් වීමෙන් පසු අදාළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පාක්ෂිකයින් නීති විරෝධි ක්රියාවන්ට යොමු නොවිය යුතු බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටින්නේ.

    Latest News