තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මැදියමෙන් අවසන්

ඔක් 10, 2024
    මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්යම රාත්රී 12.00ට අවසන් වනවා.

    පසුගිය (08) වැනිදා මධ්යම රාත්රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්ර භාර ගැනීමේ දිනය දීර්ඝ කෙරුණා.

    නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ තැපෑලේ දී සිදුවිය හැකි ප්රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අද (10) මධ්යම රාත්රී 12.00 දක්වා දීර්ඝ කළ බවයි.
     
    අනූව, අද මධ්යම රාත්රී 12.00ට පෙර ඒවා අදාළ දිස්ත්රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බව සඳහන්.
     
    කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරනු ලබන බව ද සමන් ශ්රී රත්නායක වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.
     
    මේ අතර, එළැඹෙන මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද (10) මධ්යහන 12.00න් අවසන් වීමට නියමිතයි.
     
    මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊයේ (09) දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැම්පත් කර ඇති බවයි.
     
    දේශපාලන පක්ෂ 46ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
     
    මේ අතර හෙට (11) මධ්යහන 12.00 දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා පත්ර භාරදීමට හැකියාව පවතිනවා.
     
    ඉන් අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2024 11:00

    Latest News