නාමයෝජනා භාරගැනීම අද දහවලින් අවසන්

ඔක් 11, 2024
    ලබන මස 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00ට අවසන් වනවා.

    දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241ක් ඊයේ දිනය වන විට නාම යෝජනා භාරදී තිබෙනවා.

    අද දහවල් 12.00ට එම කටයුතු අවසන් වීමෙන් පසු පස්වරු 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැකියි.
     
    දිස්ත්රික්ක කිහිපයක දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් ඊයේ දිනයේ ද නාම යෝජනා භාරදුන්නා.

    Latest News