බෝම්බ බියකින් කටුනායකට පැමිණි ඉන්දීය ගුවන් යානයක් පරික්ෂාවකට  

ඔක් 19, 2024

    මුම්බායි ගුවන් තොටුපළට ආ දුරකථන ඇමතුමක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

    ඒ බෝම්බ බියක් හේතුවෙන්. අදාල දුරකථන ඇමතුම පිළිබඳව මුම්බායි ගුවන්තොටුපල බලධාරින් විසින් කටුනායක ගුවන්තොටුපළ බලධාරින් වෙත දැනුම්දීමෙන් පසුව අදාල පරික්ෂාවන් සිදුකර තිබෙනවා. අදාළ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ අද පස්වරු 03.05 ට පමණයි.

    ඒ වන විටත් ගුවන් හමුදාව, කමාන්ඩෝ බලකාය, පොලිසිය සහ ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරින් එම ස්ථානයට කැදවා තිබූ බවද පොලිසිය පැවසුවා. අදාල ගුවන් යානයේ සිටි මගීන් 240 දෙනා විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. මේ වන විට එම ගුවන් යානය මෙරට ආරක්ෂක නිලධාරින් විසින් පරීක්ෂා කරමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

    Latest News