ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඔක් 19, 2024

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙතන්යාහුගේ නිවසට අද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා.

    අගමැති කාර්යාලය පවසන්නේ, හිස්බුල්ලා සංවිධානය එල්ල කළ එම ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇති බවයි. උතුරු ඊශ්‍රායලයේ "සිසේරියා" ප්‍රදේශයේ‍ නිවස පිහිටා තිබෙනවා. ලෙබනනයේ සිට මෙම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කෙරුණු බවයි, ඊශ්‍රායල හමුදාව පවසන්නේ. එම, අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් නිවසේ සිට නැහැ.

    මෙම ප්‍රහාරය එල්ල වීම, ඊශ්‍රායලයේ ආරක්ෂක තත්වය ඉතා දුර්වලව පැවති අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් ප්‍රාදේශිය අණදෙන මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 60 දෙනෙකු මියගොස් තිබෙනවා. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ, උතුරු ඊශ්‍රායලයේ පිහිටි හමුදා කඳවුරකටද ප්‍රහාර එල්ල කළ බවයි. ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ඇතුළු නගර කිහිපයකට රොකට් ප්‍රහාර එල්ල වී ඇති බවද වාර්තා වනවා.

    Latest News