අඩු මිලට පොල් ලබාදීමේ වැඩසටහනක්

ඔක් 23, 2024
    පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    අද (23) දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන වයි සඳහන් වන්නේ.

    මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිතයි.
    පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News