තැපෑලට මුවාවී රටට රිංගන කුඩු

ඔක් 23, 2024
    ගුවන් තැපැල් මගින් විදේශ රටවල් කිහිපයක සිට මෙරටට එවන ලද මත්ද්රව්ය තොගයක් පොලිස් මත්ද්රව්ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

    එහිදී පාර්සල් 07ක තිබී විවිධ වර්ගයේ මත්ද්රව්ය හමුවූ බවයි, පොලීසිය පවසන්නේ.

    එම පාර්සල්වල අයිස් මත්ද්රව්ය කිලෝ 07 ග්රෑම් 21ක්, මැන්ඩි මත්ද්රව්ය කිලෝ 01 ග්රෑම් 338ක් සහ කුෂ් මත්ද්රව්ය කිලෝ 01 ග්රෑම් 143ක් හමුවී ඇත.
     
    මෙම මත්ද්රව්ය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්රව්ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Latest News