හරීන් අත්අඩංගුවට

නොවැ 20, 2024

    මැතිවරණ නියඬ කාලයේ බදුල්ල නගරයේ නීති විරෝධී පෙළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, ඔහු අද බදුල්ල පොලීසියට බාරවීමෙන් අනතුරුවයි.

    හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු ආධාරකරුවන් පසුගිය 11 වැනිදා මෙම නීති විරෝධී පෙළපාලිය පවත්වා තිබෙනවා.

    ජනතාවගෙන් ලැබුනු පැමිණිලි අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලීසිය එක්ව පෙළපාලිය විසුරු හැරීමට ක්‍රියා කළා.

    එහිදී පොලීසිය සහ හිටපු අමාත්‍යවරයා අතර උණුසුම් සංවාදයක්ද ඇති වුණා.

    හිටපු අමාත්‍යවරයා ඇඳ සිටි ටීෂර්ටය පවා ගලවා නිලධාරීන් දෙසට විසිකර ආකාරයද දක්නට ලැබුනු බවයි අප වාර්තාකරු පවසන්නේ.

    අත්අඩංගුවට ගත් හරීන්දු ප්‍රනාන්දු මහතා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News