ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු අවසන් ගමන් යයි

නොවැ 20, 2024
    මුන්දලම පොලිස් වසමේ පිංකට්ටිය ප්රජා ශාලාව අසලදී ට්රැක්ටර් රථයක් පෙරළී එහි රියදුරු එම ට්රැක්ටරයටම යටවී මියගොස් තිබෙනවා.

    මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වූ හලාවත විජයකටුපොත ප්රදේශයේ පදිංචිකරුවෙක්.

    මියගිය පුද්ගලයා සීසාමින් සිට එය අවසන් කර නැවත නිවස බලා යාමේදී ට්රැක්ටර් රථයේ පාලනය ගිලිහී ගොස් කාණුවකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
     
    මුන්දලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    Latest News