අලුත් සහල් මංගල්‍යය-රාජ්‍ය උත්සවය හෙට (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මහ කන්නයේ අස්වැන්න පූජා කෙරෙන ජාතික අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රානුකූලව අද ආරම්භ කෙරිණ.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එය සංවිධාන කරන්නේ 52 වන වරටයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා සතර වාහල්කඩ කිරි ඉතිරවීම අද සිදු කෙරුණේ අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    රාජ්‍ය උත්සවය හෙට පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙවර ලැබී ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා මෙහිදී කියා සිටියා.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 19:52

    Latest News