මුහුදේ තෙල් විසිරුම් පාලනය සඳහා පෙරහුරුවක් (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    ශ්‍රී ලංකාව වටා ඇති මුහුදේ සිදුවන හදිසි තෙල් විසිරුම් පාලනය කිරීම සඳහා පැවති දෙදින පෙරහුරුව ඊයේ (05) සාර්ථකව අවසන් විය.

    කොළඹ වරාය, වැල්ලවත්ත සහ ගල්කිස්ස මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව එය ක්‍රියාත්මක කෙරිණ. පෙරහුරුව සංවිධාන කරනු ලැබුවේ, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින්. කොළඹ වරායට නුදුරු මුහුදේ ඇති නැවක් මගින් ටොන් 150ක ඉන්ධන කාන්දුවක් සිදුවී ඇතැයි උපකල්පනය කරමින් මෙම පෙරහුරුව පැවැත්විණ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය මගින් පෙරහුරුව කළමනාකරණය කෙරිණ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වෙරළාරක්‍ෂක බලකාය, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් ඊට සහභාගි වූහ. නැව් මගින් හෝ වෙනත් අයුරකින් සයුරට එක්වන තෙල් හා රසායනික ද්‍රව්‍යවලට එරෙහිව ක්‍ෂණික ප්‍රතිචාර දක්වමින් පරිසරය යථා තත්වයට පත්කිරීම මෙහිදී සිදුවේ.

    ජාතික හදිසි තෙල් විසිරුම් පාලන සැලැස්මට අනුව අවශ්‍ය උපකරණවල කාර්යක්‍ෂමතාව විධිමත් කිරීම තවත් අරමුණක්.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 21:07

    Latest News