සිදු කළ මෙහෙවරට ජාතික රූපවාහිනිය, ඉතාලියේ දී සම්මාන (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    37 වසරක ජාතික මෙහෙවර සහ සම්ප්‍රදායික නර්ථනයට විද්‍යුත් මාධ්‍ය සිදු කළ මෙහෙවර වෙනුවෙන්, ජාතික රූපවාහිනිය, ඉතාලියේ දී සම්මානයට පාත්‍රවේ.

    5 වැනි වරට පැවති සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කළේ, නාපෝලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්, නිපුන් සංස්කෘතික ආයතනය හා ඉතාලි ජාතිකයින් පිරිසක් එක්වයි.
    ඉතාලියේ නාපෝලි නගරයේ ප්‍රධාන නර්ථන ශාලාවේ පසුගියදා පැවති රංග, තරංග සංස්කෘතික උළෙලේ ප්‍රධාන ආරාධිතයින් ලෙස එක් වූයේ, ප්‍රවීන නර්ථන ශිල්පී, රවිබන්දු විද්‍යාපති සහ මොහාන් ජී රංගනාත යන මහත්වරුන්. මෙහිදී සාම්ප්‍රදායික හෙල නර්ථන කලාවට සිදු කරන්නා වූ සේවය අගයමින්, රවිබන්දු විද්‍යාපති මහතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක මොහාන් ජී රංගනාථ මහතා සම්මානයට පාත්‍ර වූයේ, විද්‍යුත් මාධ්‍ය තුළින් සම්ප්‍රදායික නර්ථනයට කළ සේවය හා ඔහු ලබාගත් ජාත්‍යන්තර සම්මාන අගයමින්. ජාතික රූපවාහිනිය ඉදිරිපත් කරන උසස් ඝනයේ වැඩසටහන් සහ සිදු කරන්නා වු ජාතික මෙහෙවරට උපහාර වශයෙන් ද විශේෂ සම්මානයක් පිරිනැමිණ. එම සම්මානය, ඊයේ (05) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය වෙත බාරදෙනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 22:25

    Latest News