ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්. සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂ නිපුණතා ඇගයීම, සම්මාන උළෙලේ ප්‍රධාන පරමාර්ථයයි. මෙහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනටම අදාළව පිරිනැමුණු සම්මාන සංඛ්‍යාව 51ක්. ජූරියේ විශේෂ සම්මාන 4ක් ද ඊට ඇතුළත්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ද ජනාධිපති මාධ්‍ය සම්මානයට පාත්‍ර වුණා.
ජිවිතයේ එක්වරක් හිමිවන “ශ්‍රී ලංකා මාධ්‍ය අභිමානී යාවජීව සම්මානය“ ආචාර්ය එඩ්වින් ආරියදාස, කරුණාරත්න අමරසිංහ, ලූෂන් බුලත්සිංහල සහ ලක්ෂ්මන් ජයවර්ධන යන මහත්වරුන්ට පිරිනැමිණ. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ සම්මාන උළෙල සංවිධාන කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්.