මාර්තු මාසයේ දී අමෙරිකානු ඩොලර් 67ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 7කින් ඉහළ ගොස් තිබේ. වැඩිවූ මිලට සාපේක්ෂව මිළ සූත්‍රය අනූව ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි. එහෙත්, උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීම සඳහා කිසිඳු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යා මංගල සමරවීර මහතා පවසයි.