පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්

අප්‍රේ 18, 2019

    දිවයින ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින ප්‍රබල අකුණු සහිත වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි ඇතිවන විට, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිලීටර 50කට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News