මදූෂ් මග සිටි අෆ්රඩි CCD අත්අඩංගුවට

අප්‍රේ 19, 2019

    මදූෂ් සමඟ ඩුබාහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (18)මෙරටට පැමිණි අෆ්රඩි මොහොමඩ් ඉන්හාම් යන සැකකරු අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනිණ.

    22 හැවිරිදි ඔහු කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මදූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතරින් ඊයේ මෙරටට පැමිණි අනෙක් සැකකරු වන පියල් පුෂ්පකුමාර රාජපක්ෂ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටියි. ඔහු 50 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 08:00

    Latest News