ගංවතුරෙන් විපතට පත් ජනයාට නාවික හමුදා සහය

නොවැ 11, 2018

    පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටි කල්මුණේ, තිරවන්තියන්මඩු ප්‍රදේශයේ ජනතාව සඳහා නාවික හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයා තිබේ.

    ඒ අනුව, වර්ෂාව හේතුවෙන් පසුගිය නොවැම්බර් 09 වන දින තිරවන්තියන්මඩු ගම්මානයට යන මාර්ගය ජලයෙන් යටවි තිබුණ. ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ උපදෙස් මත ඩිංගි යාත්‍රා යොදා ගනිමින් කිත්තන්කි ප්‍රදේශයේ සිට කල්මුණේ නාවික අනුඛණ්ඩය දක්වා ප්‍රවාහන පහසුකම් සැලසිමට කටයුතු කරන කෙරිණ.

    2

    6

    Latest News