රිකිල්ලගස්කඩ නැවතත් නාය සක්‍රියවිමක් (විඩියෝ)

නොවැ 11, 2018
  • හඟුරන්කෙත හපුවල-දොඩංගොඩ ප්‍රදේශයේ නායයාම යළි සක්‍රීය වෙමින් පවතී.

    ඒ හේතුවෙන් රිකිල්ලගස්කඩ-හපුවල මාර්ගය මුළුමනින්ම රොන්මඩවලින් වැසී ගොස් ඇති බව, අප වාර්තාකරු පවසයි. නායයාම හටගෙන ඇත්තේ, මීටර් 500ක පමණ ඉහළ කඳු මුදුනක. 2014 වර්ෂයේ පැවති අධික වර්ෂාව සමඟ මෙම ප්‍රදේශයේ නායයාම ආරම්භ විය.

    අධික වර්ෂාව නිසා නායයාම අද වනවිට සක්‍රීවී තිබේ. ඒ හේතුවෙන් ජල උල්පත් විශාල වශයෙන් සක්‍රීය වී රොන් මඩ තට්ටු පහළට ගලා එමින් පවතී. කන්ද පාමුල ජීවත් වූ පවුල් තුනක් එම ප්‍රදේශයෙන් කඩිනමින් ඉවත් කෙරිණ. අක්කර හතරක පමණ භුමි ප්‍රදේශයක් ගිලා බැස තිබෙනවා.

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 07:43

    Latest News