මෙම කාන්තාව ඇයගේ යෙහෙලියක් සමඟ අද උදෑසන 7.50 ට පමණ ලොක්නාතය නරඹමින් ඡායාරූප ගැනිම සිදුකර ඇති අතර එම අවස්ථාවේදි පහලට වැටි ඇති බවයි පොලිසිය පවසන්නේ.
ආරක්ෂක අංශ සිදුකල මෙහෙයුමකින් පසුවයි ඇයගේ සිරිරු පැය කිහිපයක් ඇතුලතදි සොයා ගැනිමට හැකිවි ඇත්තේ.
ලෝකාන්තය නැරඹිමට ගිය විදේශිය කාන්තාවක් පහළට (12.00)
ලෝකාන්තය නැරඹිමට ගිය ජර්මන් ජාතික කාන්තාවක් ඉන් පහළට වැටි තිබේ. මෙම කාන්තාව සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ගුවන් හමුදාවේ සහයත් ඊට ලැබි ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව ඇයගේ යෙහෙලියක් සමඟ අද උදෑසන 7.50 ට පමණ ලොක්නාතය නරඹමින් ඡායාරූප ගැනිම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. එම අවස්ථාවේ දී අනතුරු සිදුව ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.