අන්තර්ජාතික ප්‍රජාව තේරුම්ගත යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය - අගමැති

නොවැ 11, 2018
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. 
    ඒ, විජයරාමයේ පිහිටි නිල නිවසේදී. මහින්ද රාජපක්‍ෂ මහතා සාමාජිකත්‍වය පිරිනමනු ලැබුවේ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින්.
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.
     
    අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය පිළිබඳව කුමක් කියන්නේ ද යන්න මෙහිදී මාධ්‍ය‍වේදීන් විමසා සිටියේය. 
    අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා - “අන්තර්ජාතික ප්‍රජාව තේරුම්ගත යුතුයි මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය කියා.  ජනතාව වෙත යන්නේ ඔවුන්ගේ වරම ලබාගන්න. ඔබ විශ්වාස කරන්නේ එය ප්‍රජාතන්ත්‍ර විරෝධි කියලද?
    මාධ්‍යවේදියා -
    ඔබ බලාපොරොත්තු වෙනවද අන්තර්ජාතික ප්‍රජාව වෙතට අවතීර්ණ වෙන්න.
    අගමැතිතුමා -
    ඔව් අපි ඒක කරනවා. ඔවුන් තේරුම්ගත යුතුයි අපේ ස්ථාවරය. ජනාධිපතිතුමා ඔවුන්ට කතා කළා. අපේ පක්‍ෂයේ නායකයා ඔවුන්ට පැහැදිළි කළා.  ඉතින් මමත් ඔවුන්ව හමුවෙනවා.
    මාධ්‍යවේදියා -
    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත අදහස් දැක්වීමට අපේක්‍ෂා කරනවද?
    අගමැතිතුමා -
    ඔව් මම ඔහුව හමුවුණා. මම හිතනවා මෝදි අගමැතිතුමා මාව හොඳින් තේරුම් ගෙන ඇතැයි කියා.
     

    Latest News