ජනතා කැමැත්ත සෙවීම විශිෂ්ටයි....සුබ්‍රමනියන් ස්වාම්

නොවැ 11, 2018
    මැතිවරණයක් මගින් ජනතා කැමැත්ත තීරණය කිරීමට ඉඩ ලබාදීම ශ්‍රී ලංකා ජනාධිතිවරයාගේ විශිෂ්ට ක්‍රියාමාර්ගයක් බව, ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා පවසයි.
    ඔහු පෙන්වා දෙන්නේ ඊට විපක්‍ෂය විරෝධය පළකිරීම කනගාටුදායක බවයි.  ජාතික රූපවාහිනියට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සුබ්‍රමනියන් ස්වාමි මහතා මේ බව පැවසීය.
     
    “ශ්‍රී ලංකාව ඉලක්කකර ගන්නේ මහින්ද රාජපක්‍ෂ වැනි ස්වාධීන පුද්ගලයෙකු ආපසු බලයට එන නිසාද? ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණුවලදී ඉන්දීය රජය පසුවන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකයි. ඔබට ව්‍යවස්ථාවක්, අධිකරණයක් තියෙනවා. ක්‍රමානූකූල මැතිවරණ මගින් ජනතාව තීරණය කරයි, කුමක් ද කළ යුත්තේ කියලා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතැම් බලතල දියකර හැරියද මාගේ දැනීමේ හැටියට ඇතැම් වගන්ති තිබෙනවා ඔහුට බලය පැවරෙන. හිතන්න මෙහිදී නීත්‍යානූකූල නොවන දෙයක් සිදු කළා කියලා.  එසේ නම් ජනතාවට ඉඩ දෙන්න මැතිවරණයක් මගින් ඊට විරෝධය දක්වන්න. ජනතාවගේ කැමැත්ත තීරණය කරන හොඳම ක්‍රමය තමයි ඡන්දය. විපක්‍ෂ කණ්ඩායම් ඇයි මෙලෙස මැතිවරණ එපා කියන්නේ. ඔවුන් එය සුබවාදීව පිළිගත යුතුයි.  මාගේ පෞද්ගලික මතය නම්, මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා බවයි“.

    Latest News