සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ දඹුල්ල, කණ්ඩලම හන්දිය ආසන්නයේදීයි. ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්රෑම් 19 මිලිග්රෑම් 250 සොයා ගැනිණ. සැකකරුවන්ගෙන් වැඩිදුර ප්රශ්න කිරීමේදී කළක සිට දඹුල්ල සහ අවට ප්රදේශවලට විශාල ප්රමාණයේ ඊසි කෑෂ් ක්රමයට මෙම මත් කුඩු අලෙවිය සිදු කරන බව අනාවරණය විය.
මෙම පුද්ගලයන් හට මත්කුඩු ලැබෙන ප්රදේශය හා මත්කුඩු වලට ඇබ්බැහි වූවන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවිය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.