මහින්ද ජනාධිපතිවරණයට ඉල්ලන්නැති හේතුව වෙල්ගම කියයි (වීඩියෝ)

ජූනි 22, 2019

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැහැදිළි කරයි.

    ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ බදුල්ල කාර්යාලය අද(22) පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතින් විවෘත කෙරිණි.

    මෙහිදී අදහස් දක්වමින් කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ....

    "මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් මහින්ද මහත්තයව ඉදිරියට ගේන්න කටයුතු කරනවා. මම කියන කාරණය මෙතන ඉන්න මුළු සභාවම වැරදියි කියයි නමුත් මම කියනවා එතුමාට ඉල්ලන්න පුළුවන්. මොකද එතුමා නාම යෝජනා පත්‍ර භාර දුන්නොත් මැතිවරණ කොමසාරිස්ට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි එතුමාගේ වලංගුභාවය ගැන කටහරි සුප්රීම් උසාවියේ නඩුවක් දාන්න පුළුවන්. නමුත් මැතිවරණ යනවා මැතිවරණය නවත්තන්නෙ නැහැනේ. මැැතිවරණ ගිහිල්ලා ඡන්ද ප්‍රතිඵල කියයි. ඡන්ද ප්‍රතිඵල කිව්වට පස්සේ තමයි කතන්දරේ තියෙන්නේ. ඊට පස්සේ කරන දේ ඔයාලට වැඩි විස්තර කියන්න ඕන නැහැනේ. එතුමාට මේ කාරණය කියපුහාම එතුමා කියන දේත් ඇත්තක් තියෙනවා. එතුමා කියනවා පසුගිය දවස්වල අගමැති කමින් ඉවත් කළා වගේ මේකෙනුත් ඉවත් කරන්න පුලුවං කියලා" යැයි අදහස් දැකවීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ ඔහු මේ වනවිට සිංගප්පූරුවේ සිටින බැවින් ඔහු ගැන කතා කිරීම සුදුසු නොවන බවයි. මෙම අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රිවරුන් ද සහභාගි විය.

    Latest News