මෙම කර්මාන්ත ශාලාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා මැලේසියානු හයිරෙක්ස් ඔයිල් සමාගම අතර ඇති කරගත් ගිවිසුමකට අනුව ආරම්භ කර තිබේ.
මුතුරාජවෙල ලිහිසිතෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය විවෘත කිරීම අද (7:20)
මුතුරාජවෙල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා සංකීර්ණයේ ඉදිකෙරුණු ලිහිසිතෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය අද සවස විවෘතකෙරේ.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. වැඩබලන අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගියදා එම යන්ත්‍රාගාරය නිරීක්ෂණය කළේය. මෙරටට අවශ්‍ය ලිහිසි තෙල් මෙතෙක් විදේශයන්ගෙන් ආනයනය කෙරුණු අතර මෙම යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමග සහනදායී මිලකට, ප්‍රමිතියෙන් ඉහළ ලිහිසි තෙල් ලබාදිය හැකි වෙයි. විදේශීය වෙළෙඳපොළට ද ඒවා අපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි, වැඩබලන අමාත්‍යවරයි සඳහන් කරන්නේ.