කුරුණෑගල රෝහලේ මිනිස් අවයව තිරප්පනයට මුදාහැර මාට්ටු

ජූලි 08, 2019

    කුරුණෑගල ශික්ෂණ රෝහලින් බැහැර කෙරෙන මිනිස් අවයව කොටස් සහිත අපද්‍රව්‍ය තොගයක් තිරප්පනය කුංචිකුළම බොරළුවල කැලෑවට බැහැර කිරීමට පැමිණි කන්ටේනර් රථයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු තිරප්පනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තිරප්පනය කුංචිකුළම බොරළුවල පදිංචිව සිටින ගම්වැසියන් පිරිසක් ඊයේ (07දා) රාත්‍රීයේ රැකසිට අපද්‍රව්‍ය ගෙනා ආ කන්ටේනර් රථය සිය භාරයට ගැනීමෙන් අනතුරුව තිරප්පනය පොලිස්ථානයට දන්වා ඇත. ප්‍රදේශවාසින්ගේ දැන්වීම මත පොලිස් නිලධාරින් පිරිසක් එහි පැමිණ කන්ටේනර් රථය එහි රියදුරා හා සහයකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් මීට පෙර අවස්ථා හතරකදී පමණ කුංචිකුළම ගම්මානයේ පිහිටි බොරළු වලට යාබදව කැලෑ ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැරකර තිබෙන බව පොලිසිය කල මූලික විමර්ශන වලදී අනාවරණයවී තිබුණි. එම ස්ථානයට මීට පෙර බැහැර කරනු ලැබූ රෝහල් කැලි කසල විශාල ප්‍රමාණයක් ගොඩගැසි හා සතුන් විසින් තැනතැන ඇද දමා තිබෙන අයුරු තිරප්පනය පොලිසියේ නිරික්ෂනය කර තිබේ. ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් කන්ටේනර් රථය තුල කුරුණෑගල ශික්ෂණ රෝහල බැහැර කරන අපද්‍රව්‍ය සහිත පොලිසැක් උර 2000කට අධික ප්‍රමාණයක අසුරා තිබු බවත් එම උරවල කුරුණෑගල ශික්ෂන රෝහල යනුවෙන් සදහන්කර තිබු බවත් පොලිසිය පවසයි.

    එම පොලිසැක් උර තුල ශෛල්‍යකර්ම වලින් ඉවත් කළ මිනිස් අවයව කොටස්, මල අපද්‍රව්‍ය රුධිරය තැවරුණු පුළුන් හා ගොස් කැබලි එන්නත් කටු නොදිරන සිරින්ජර් සේලයින් අසුරන ඉවත දමන බෙහෙත් ද්‍රව්‍ය බහාළුම් ඇතුළු පරිසරයට හා මහජනතාවට අහිතකර අපද්‍රව්‍ය විශාල ඇති බව පොලිසිය තවරුටත් කියා සිටියේය.

    මිට පෙර අවස්ථා කිහිපයකදීම අපද්‍රව්‍ය කුංචිකුලමට බැහැරකර ඇතත් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකිවී තිබෙණ. “මම මීට ඉස්සෙල්ල නම් මෙහෙ ඇවිල්ලා නෑ. රොෂාන් අයියා තමයි කිවුවේ මේ අපද්‍රව්‍ය තොගය තිරප්පනය කුංචිකුලමට බැහැරකරලා එන්න කියලා. මම කන්ටේනරය අරගෙන ආවා යනුවෙන්“ එහි රියදුරු ඔහු පැවසුවේය.

    කුරුණෑගල ශික්ෂන රෝහලේ අපද්‍රව්‍ය බැහැර කිරිමේ කොන්ත්‍රාත්කරු අපද්‍රව්‍ය මෙම ස්ථානයට බැහැර කිරීමට සේවකයන්ට උපදෙස් ලබා දෙන්නට ඇති බවට පොලිසිය සැක කල කරයි. කොන්ත්‍රාත්කරු ඔහු පොලිස්ථානයට කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා බවත් සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (08දා) ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Latest News