රක්නා ලංකා සභාපති වික්ටර් සමරවීර CIDඅත්අඩංගුවට

ජූලි 08, 2019

    ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති පර්සි වික්ටර් සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජුලි 5 වැනිදා නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියම කළේය.

    ඒ අනූව රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති පර්සි වික්ටර් සමරවීර යන අය ද සැකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නීතිපති විසින් දැනුම් දී තිබිණ.

    මෙම සැකකරුවන් ගිනි අවි ආඥා පනත යටතේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම යන වැරදි සිදු කර ඇති බවට දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් සාක්ෂි අනාවරණය වී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නිතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මිට පෙර සඳහන් ක‍ළාය.

    Last modified on සදුදා, 08 ජූලි 2019 16:25

    Latest News