පාර්ලිමේන්තුව උණුසුම් වූ හැටි (වීඩියෝ)

නොවැ 15, 2018
  • අද පෙරවරු 10.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ධුරය හෝ වෙනත් අමාත්‍ය ධුර වලංගු නොවන බවයි.

    අද සභා ගර්භයේ සිටින සියලු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බවත් කතානායකරයා ප්‍රකාශ කළේය. මන්ත්‍රිවරුන්ට තමන් කැමැති ස්ථානයේ අසුන් ගැනිමට හැකි බව දැනුම් දුන්නා.

    එහිදි නැගි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත වු විශ්වාස භංගය ජනාධිපති තුමා විසින් ප්‍රතික්ෂක කර ඇති බවයි. ජනධිපති විසින් අගමැතිව ව්‍යවස්ථාව අනුව පත් කර අති බවත් එය ඉවත් කිරිමට නොහැකි බවත් කියා සිටියා. ඊයේ දිනයේදි ජනාධිපති විසින් කතානායකට ඉදිරිපත් කල ලිපිය සභාවට ඉදිරිපත් කරණ ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සිටියේය.

    එහිදි කථානායක කරු ජයසුරිය කියා සිටියේ ජනාධිපතිතුමාගේ ලිපියට තමා විසින් පිළිතුරු ලිපියක් යොමු කිරිම සිදුකන බවයි.

    එ අනුව දිනේෂ් ගුවර්ධන මහතාගේ කථාව අවසන් කර අගමැති මහින්ද රාජපක්ෂ මහාතගේ ප්‍රකාශය සඳහා අවස්ථාව ලබා දුන්නා.

    අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා තමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ව්‍යවස්ථානුකූලව බවයි. එ අනුව ආර්ථිකය ගොඩනැගීමට තමන් ක්‍රියා කරන බවත් අවධාරණය කලේය. ජනතාවගේ ඉල්ලීම අනුව ගමන් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු විය යුතු බවත් කියා සිටියා. අද රාත්‍රිෙය් සිට ජනතාවට සහන රැසක් ද රජය ලබාදිමට සුදානම් බවත් ඔහු කියා සිටියා.

    අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් එම නිසා ඡන්ද විමසීමක් අවශ්‍ය වන බවයි.

    එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ අදාළ තීරණය තමන් විසින් නොගන්නා බවත්, එය සභාවට භාර කරන බවයි.  ඒ අනූව, ඡන්ද විමසීම නම් වශයෙන් ගැනීමටත් කථානායකවරයා යෝජනා කළේය.  එම යෝජනාව සම්මත් කිරීමට අවශ්‍ය ඡන්ද විමසුමට බාධා කරමින් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ උණුසුම් ලෙස හැසිරුණි.  

    ඒ සමගම මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ ආසනය අසළට පැමිණ සිය විරෝධය දක්වමින් කළහකාරි ලෙස හැසිරුණා. අනතුරුව කතානායකවරයා සිය අසුනෙන් ඉවත්ව ගිය අතර දිගින් දිගටම මන්ත්‍රීවරුන් කළහකාරී ලෙස හැසිරෙමින් විරෝධය ප්‍රකාශ කළේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 15:34

    Latest News