වෛද්‍ය වරුන්ගේ සහ සෞඛ්‍ය වැඩවලට දේශපාලන කෝණයක් එපා

ජූලි 12, 2019

    වෛද්‍ය වරුන්ගේ සහ සෞඛ්‍ය වැඩකටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා යැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටි.

    පිළිකා ඖෂධ පිළිබඳව තිබු ඒකාධිකාරි බලය සහ ඖෂධ සමාගම් මා සමඟ ද්වන්ධ යුද්ධයක සිටින්නේ යැයි රාජිත සේනාරත්න මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන චෝදනා කීපයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයේ දී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ය.

    කිසිදු මුදලක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් ගෙවා නැත. මේක රජ්‍ය ආයතනයක්.අපේ බෝර්ඩ් එකක් රන් කරන්නේ.රජයට ගත්තේ නැත්නම් එය රාජ්‍ය ආයතනයක් ලෙස සඳහන් වෙනවාද? මෙහිදී අමාත්‍යවරයා විසින් නෙවිල් ප්‍රනන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් කරුණු සඳහන් කළේ ය.

    නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් ලෙස දිගටම ගෙන ගියා. මෙය ආණ්ඩුවේ රෝහල.මිනිස්සු නොමිලේ ප්‍රතිකාර ගන්නවා. අමූලික බොරු කියනවා. මේ ඖෂධ ගැන කතා කරන්නේ කා වෙනුවෙන් ද? පෞද්ගලික කොම්පැනි කාරයෝ ගැන.මේ කට්ටිය කතා කරන්නේ ප්‍රයිවෙට් හොස්පිටල් ගැන.තාක්ෂණික ඇගයීම් කමිටුවල ඉන්නේ විශේෂඝ්නවරු. අපි නොවෙයි බෙහෙත් තෝරන්නේ.

    සමහර අය බහු ජාතික සමාගම්වලට වැඩ කළේ, ලෙඩ්ඩු බැලුවේ නෑ. ඖෂධ සමාගම් මා සමඟ ද්වන්ධ යුද්ධයක ඉන්නවා, මම මිල නියම කළ නිසා.ඒ අය බොරු නිෂ්පාදන මිල කිව්වා.එවැනි සමාගම්වලට තමයි මේ අය වැඩ කළේ.අදත් මේ අය ඉලෙක්ෂන්වලට සල්ලි දෙන්නේ.

    වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම 2006 දී මුලින් ම කතා කර තිබෙන්නේ. අලුත් වෛද්‍ය සභාව 12 දෙනෙකුගෙ නම් ඉදිරිපත් කරනවා. සැප්තැම්බර් 20 ලියනවා පස් දෙනෙකුගේ කමිටුවක් පත් කරනවා.මෙහි දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ.

    වෛද්‍ය වරුන්ගේ සහ සෞඛ්‍ය වැඩකටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා. සමහර අය බහු ජාතික සමාගම්වලට වැඩ කළේ, ලෙඩ්ඩු බැලුවේ නෑ. ඖෂධ සමාගම් මා සමඟ ද්වන්ධ යුද්ධයක ඉන්නවා, මම මිල නියම කළ නිසා.ඒ අය බොරු නිෂ්පාදන මිල කිව්වා.එවැනි සමාගම්වලට තමයි මේ අය වැඩ කළේ.අදත් මේ අය ඉලෙක්ෂන්වලට සල්ලි දෙන්නේ.

    වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම 2006 දී මුලින් ම කතා කර තිබෙන්නේ. සමහර අය බහු ජාතික සමාගම්වලට වැඩ කළේ, ලෙඩ්ඩු බැලුවේ නෑ. ඖෂධ සමාගම් මා සමඟ ද්වන්ධ යුද්ධයක ඉන්නවා, මම මිල නියම කළ නිසා.ඒ අය බොරු නිෂ්පාදන මිල කිව්වා.එවැනි සමාගම්වලට තමයි මේ අය වැඩ කළේ.අදත් මේ අය ඉලෙක්ෂන්වලට සල්ලි දෙන්නේ.

    වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම 2006 දී මුලින් ම කතා කර තිබෙන්නේ. අලුත් වෛද්‍ය සභාව 12 දෙනෙකුගෙ නම් ඉදිරිපත් කරනවා. සැප්තැම්බර් 20 ලියනවා පස් දෙනෙකුගේ කමිටුවක් පත් කරනවා.මෙහි දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ.

    වෛද්‍ය වරුන්ගේ සහ සෞඛ්‍ය වැඩකටයුතු දේශපාලන කෝණයෙන් බලන්න එපා. දේශපාලන විදියට ගන්න තීන්දු තොයෙනවා.නමුත් මේවායේ ගන්නේ වෘත්තීමය තීන්දු. විශේෂඥ වෛද්‍යවරු ගන්න තීන්දු කෙළෙසෙන විදියට කටයුතු කරන්න එපා.මේක අවබෝධ කර ගන්න. මේක වෘත්තීමය වැඩකටයුත්තක් ලෙස මේක දෙස බලන්න. වෛද්‍ය සාෆි ගේ කටයුත්තේ දී ක්‍රියා කළේ කොහොමද? අපි කමිටුවක් පත් කළා.ඒක පිළිගන්න බෑ කිව්වා.තමන්ට වාසිදායක අනුගත වූ දෙයට එන්නේ නැත්නම් ඒක හොඳ නෑ. ඒකයි වෙන්නේ.

    මේ රටේ පිළිකා ඖෂධ පිළිබඳව තිබුණේ තනිකර ඒකාධිකාරි බලයක්.ලෝකයේ බහුජාතික සමාගමක තිබෙන ඖෂධය ලංකාවේ බහුජාතික සමාගමක් ගෙනැල්ලා විකුණනවා.ඒ අය ඕනෑම රටක් එක්ක යුද වදින්න ලෑස්තියි.ඉන්දියාව මේකට අත ගැසුවාම මේ අය ගියා උසාවි. මේ විදියටම ඉන්දියානු අමාත්‍යවරයාට එරෙහිව ද ගත්තා තහනම් නියෝගයක්. නඩුව පැරදුණා. අපේ රටෙත් ගියා අභියාචණාධිකරණයට. මම එනකොට තිබුණ සමහර ඖෂධ ආකාශයට ගිහිල්ලා. මේක තමයි එදා සේනක බිබිලේ පෙන්නූ ඖෂධ ගනුදෙනුවේ මාෆියාව. මේකට කවුරුත් අතගහලා තිබුණේ නෑ. මේ රටේ රජයන් සල්ලි වියදම් කළේ මහජනතාවට ද ඖෂධ සමාගම්වලට ද? තනිකරම වියදම් කළේ ඖෂධ සමාගම්වලටයි. මට කිව්වා මේකට අතගහනන් එපා කියලා. බිබිලෙට සිදු වූදේ දන්නවා. අපි බිබිලෙගේ ගෝලයෝ. අපිට දේශපාලනයක් තිබෙනවා. ඒ වගේම වෘත්තීයක් තිබෙනවා. මෙය අපේ රට අපි රට දාලා ගිය මිනිස්සු නොවෙයි.අපිට රට ගැන අඳහසක් තිබුණා.

    පලමු වටයේ ඖෂධ 48කට මිල නියාමනය කළා. ගුණාත්මක ඖෂධ වෙළඳපොළෙන් ඉවත් වෙනවා. බාල ඖෂධ රෝහල්වලට එනවා. ඕකනේ කියන්න හදන්නේ.කාගේද? මේ සද්දේ. බහුජාතික සමාගම්වල සද්දේ.අද දිනපතා ජනතාව ඖෂධ ගන්නවා. ඉහළ ගනයේ ගුණාත්මක ඖෂධ අද වෙලඳපොළේ වැඩි වුණා. බිලියන 20ක මුදලක් ආණ්ඩුවට ඉතුරු කරලා තිබෙනවා,ඖෂධවලින්. ලොකු ගෝරි එක්ක අපි දොර ඇරියා. රටක් ඉදිරියට යන්න ජාතික අනන්‍යතාවය ඉදිරියට තියන්න. රෝගීන්ට සධාරණයක් ඉෂ්ට කරන්න යැයි ද අමාත්‍යවරය පැවසීය.

    Latest News