පර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවේ: යෝජනාව ගෙනා පා.ම. සුදර්ශනීත් නැහෑ

ජූලි 12, 2019

    සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන චෝදනා කීපයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඉදිරිපත් කළ සභාව කල්තැබිමේ අවස්ථවේ යෝජනාවේ විවාද පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවේ.

    සභාව පවත්වගෙන යාමට මන්ත්‍රීවරුන් 20 ක් සිටිය යුතුවේ. අද පස්වරු 04.00 ට විවාදය පවත්වන අවස්ථාවේ සිටි මන්ත්‍රීන් ගණන 09 ක් වු බැවින් ලබන 23 වැනිදා පස්වරු 1.00 තෙන් සභාව කල් තැබිණ.

    යෝජනාව සභාවට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද ඝන පූර්ණය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය. 

    Latest News