දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙසින් ගැසට් නිවේදනයක්

ජූලි 27, 2019

    දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    එය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පණත අනුවයි.

    මගීන් හෝ භාන්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම, දුම්රිය ධාවනය, මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීම දුම්රිය සේවකයන් විසින් සිදුකළ යුතු බව එමගින් නිවේදනය කර ඇත. සංඥා පද්ධති හා මෙහෙයුම් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සියළු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීමට දුම්රිය සේවකයින් කටයුතු කළ යුතු බවද අද (27) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකා‍ශයට පත් කර තිබේ.

    Latest News