මහ බැංකු බැඳුම්කර වංචාවේ විත්තිකරුවෙකුගෙන් පෙත්සමක්

ජූලි 29, 2019

    මහ බැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවකු කිරීම නීති විරෝධී යැයි නියෝගක් ඉල්ලා එම නඩුවේ 10 වන විත්තිකරු අජහාන් ගාර්දිය පුංචිහේවා ඉදිරිපත් කළ පෙත්සමක් සැප්තැම්බර් 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම අද ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

    එ අනුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය

    මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව නීතිපති විසින් කොළඹ විශේෂ මහාධිකරණයේ ගොනුකර තිබෙන නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර ඇතැයි අජහාන් ගාර්දිය පුංචිහේවා සිය පෙත්සමෙන් කියා සිටි. මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ තමන්ගේ නම සඳහන් නොවූ බව ඔහු පෙන්වා දේ.

    Latest News