සතොස ගබඩාවේ කුලී නොගෙව් අසාද් සාලිට මුල්‍ය වංචා චෝදනාවක්

අගෝ 05, 2019

    හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහත සාලි පදනමට සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩාවක් නිත්‍යානුකූල නොවන අයුරින් බදු පදනමට ගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (05) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත දැනුම් දුනි.

    හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් මහජන පැමිණිළි භාර ගැනිමට පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කළ විශේෂ කමිටුවට ජුනි මස 12 වනදා මාතර ආනන්ද සාගර හිමියන් පැමිණීල්ලක් යොමු කර තිබිණ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.

    අසාත් සාලි පදනමට ලබා ගත් ගබඩාවෙන් 2018 වර්ෂය තෙක් අයවිය මුදල් සහ විදුලි ගාස්තු රුපියල් 3444257.57ක් ගෙවා නොමැති බව විමර්ශන මගින් තාහුරුවි තිබේ. විදිමත් ආයතන ක්‍රමවේදයන්ගෙන් බැහැරව කුලි පදනම මත ලබා දී ඇති බව විමර්ශන මගින් අනාවරණය වු බව පොලිසිය අධිකරනයට කියා සිටියේය. සතොස සභාපතිවරයාගේ උපදසේ මත හිටපු මානව සම්පත් හා පාලන කළමණාකාරවරයා වන අච්චි මොහොමඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා මේ ගබඩාව අසාත් සාලි පදනමට ලබා දී ඇති බවත් කියා සිටියේය.

    2018.10. 05 වන දින මෙම ගිවිසුම නීති අංශයේ නිල වශයෙන් අත්සන් කිරිමට අදාළ ලේඛන ඉදිරිපත් කර නැති බවත් එදිනට ඇති ගිවිසුම අර්ධ වශයෙන් අවසන් කළ ගිවිසුමක් බවත් ලබා ගත් ප්‍රකාශ වලට අනුව අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දිනි.

    මෙලෙස ලබා ගත් ගබඩාව සාලි පදනම විසින් වියළි හාල්මැස්සන් ගබඩා කිරිමට මුස්ලිම් ව්‍යපාරිකයන් කිහිප දෙනෙකුටම ලබා දී ඇති බවත් ව්‍යාපාරික පිය පුතු දෙපළක් වන අහමඩ් මොහොමඩ් අෂ්රෆ්ට සහ මොහොමඩ් අෂ්රෆ්ට කුලි පදනම මත ලබා දී ඒ සඳහා රුපියල් 210000 අසාත් සාලි පදනමේ නසාර් යන අයට ගෙවා ඇති බවටත් අනාවරණය වි තිබේ. අසාත් සාලි පදනම ලියාපදිංචි පදනමක් නොවන බවද පොලිසිය අධිකරණයට කියා සිටියේය.

    රාජ්‍ය දේපලක් වන සතොස ගබඩාව නිත්‍යානුකූල නොවන අයුරින් ලබා දීම සම්බන්දයෙන් සිදු කරන විමර්ශන සඳහා දුරකතන සමාගම් හතරකින් පුද්ගලයන් ගණනාවකගේ දුරකතන වාර්තා ලබා ගත යුතුවන බවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසෙත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන් අතර විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කර කළේය.

     

     

     

    Latest News