සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වේ

අගෝ 05, 2019

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද සවස අභාවප්‍රාප්ත විය.

    ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. දිසානායක මහතා මියයන විට 61 වන වියේ පසුවිය. ඔහු අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා කැබිනට් නොවන අමාත්‍යවරයෙක් ලෙස ක්‍රියාකර තිබේ. දිසානායක මහතා පසුගිය මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යළි පාර්ලිමේන්තුවට තේරි පත්විය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

    Latest News