ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජාතික සම්මේලනයේ දී; බැසිල් රාජපක්‍ෂ

අගෝ 08, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එළඹෙන ජාතික සම්මේලනයේ දී නම් කරන බව, බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කෙරිණ. එහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා...

    “අපි පළමුවෙනි ජාතික මහා සම්මේලනය ලබන 11 වැනිදා සවස 3.00 සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වනවා. එතන ප්‍රධාන කාර්යය වන්නේ පක්‍ෂයේ නිල නායකයා පක්‍ෂ ව්‍යවස්ථාව අනුව තෝරා ගැනිම සිද්ධවෙනවා. අපේ බලාපොරොත්තුව වනවා එදිනම ජනාධිපති මැතිවරණයට අපේ පක්‍ෂය ප්‍රමුඛ අනෙක් සහෝදර දේශපාලන පක්‍ෂත්, අනෙකුත් බලවේගත් සමඟ එකතුවෙලා තරඟ වඳින ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ අපේක්‍ෂකයා නම් කරනවා. අනිවාර්්‍යයෙන්ම ජනතාවට ආරක්‍ෂාව සපයන්න පුලුවන්, හොඳ කළමනාකරණයක් කරන්න පුලුවන් කෙනෙක් තමයි අපි ඉල්ලලා තියෙන්නේ“ යැයි බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News