පාර්ලිමේන්තුව 23ට කල්තැබේ (විඩියෝ)

නොවැ 19, 2018
  • පාර්ලිමේන්තුව ලබන සිකුරාදා (23) දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.

    ඒ බව අද පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු නියෝජ්‍ය කතානායක  අානන්ද කුමාරසිරි මහතා විසින් සභාවට දැනුම් දුනි. සභාව කල්තැබීමෙන් පසු දෙපාර්ශවය අතර යම් උණුසුම් තත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා එහිදී ඉල්ලා සිටියේ, පසුගියදා සිද්ධීන්වල දී පාර්ලිමේන්තු දේපලවලට වූ හානිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. 

    ඒ අනූව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් මගින් ඒ සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. එහි බහුතරය ආණ්ඩු පක්ෂයට ලැබිය යුතු බවයි. 

    මේ වන විට පාර්ලිමේන්තු සෙන්කෝලය සභා ගැබෙන් ඉවත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභාවේ රැඳී සිටී.  

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 13:46

    Latest News