පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව පෙත්සමක්

නොවැ 19, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායක ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වි තිබේ.

    රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ඇත.

    සරත් විරසේකර මහතා කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති වරයා විසින් ඉකුත් 27 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ බවයි. එම තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කතානායකවරයා පියවර ගත් බවත් එය ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බවත් ඔහු පෙත්සමෙන් පවසා සිටියි.

    මෙම ක්‍රියාකලාපය තුලින් කතානායක වරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සරත් වීරසේකර මහතා පෙත්සම ඉල්ලා සිටියි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 13:37

    Latest News