පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 41 දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවේ

අගෝ 09, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු සෙසු ත්‍රස්තයන් සහ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන් හා ආයතන 41 කට අදාළ බැංකු ගිණුම්වල බැර කර තිබූ රුපියල් මිලියන 134 ක් අත්හිටුවීමට ක්‍රියා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මීට අමතරව ඔවුන්ට අයත් රුපියල් බිලියනයකට අධික වටිනාකමක් ඇති දේපළ සොයා ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

    මෙම ප්‍රහාරයන්ට අදාළව මේ වනවිට එම දෙපාර්තමේන්තුව විසින් 63 කු අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News