නිදන් 04 ක් උපකරණ ද සමග පොලිස් අත්අඩංගුවට

අගෝ 09, 2019

    වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ ඇල රක්ෂිතයක නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

    සැකකරුවන් විසින් පුද පුජා පවත්වමින් මෙලෙස කැනීම් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් උපකරණ සහ පුජා භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් වැල්ලවාය, පස්සර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි අය බව පොලිසිය පවසයි.

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

     

    nindarurraide1 px 900 19 04

     

    nindarurraide1 px 900 19 04

     

    Latest News