කොචින්වලට යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

අගෝ 09, 2019

    දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි මේ වනවිට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 2019 අගෝස්තු මස 11 වැනි ඉරිදා තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත.

    දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වැනි දින සවස 3.00 දක්වා කොචින් ගුවන් තොටුපළේ සියලුම ගුවන් මෙහෙයුම් වසා දැමීමට කටයුතු කරන බව කොචින් ගුවන්තොටුපල අධිකාරිය නිවේදනය කර සිටී.

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත 04 ක් වන කේරළ, කර්නාටක, මහාරාෂ්ටා සහ ගුජරාට් යන ප්‍රාන්තවලට රතු අනතුරු ඇඟවීමක් දැනටමත් නිකුත් කර තිබේ.

    මගීන්ට ඇති වූ අපහසුතාවය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව අයැද සිටින අතර, ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ට්‍රිවේන්ඩ්‍රම් සහ කොයිම්බතූර් හරහා තම ගුවන් සංචාරක කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සළසා දී තිබේ.

    මේ පිළිබඳ වැඩි විස්තර ඔබේ සංචාරක නියෝජිතයා මඟින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොචින් නගර කාර්යාල දුරකතන අංකය +914 842 362 042 සහ පැය 24 පුරා විවෘත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්බන්ධතා මධ්‍යස්ථාන දුරකතන අංකය+94 117 771 979 ඇමතීමෙන් ලබාගත හැක.

    Latest News