පාඨමාලා නිමකරන පිරිස රැකියා කරනවා ද සොයා බැලිය යුතුයි- අමාත්‍ය රිෂාඩ්

අගෝ 09, 2019

    වෘත්තීය පුහුණු හා නිපුණතා ක්‍ෂේත්‍රය පාඨමාලා හා පුහුණුවුවන්ගෙන් කොපමණ පිරිසක් රැකියාවල නියලෙන්නේ දැයි සොයා බලන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (08) වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

    අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය......

    වසර ගනනාවක සිට අප අමාත්‍යාශය යටතේ ඇති අයාතන මගින් විවිධ වු පාඨමාලා ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. දරුවන් දහස් ගනනින් ඉගෙනීම් කටයුතු සාර්ථකව සිදු කර සහතික ලබා පිටව යනවා. ඔවුන් දේශීය මෙන්ම විදේශීය රැකියා සඳහා ද යොමුවෙනවා. පාඨමාලා හා පුහුණුව අවසන්කළ පිරිසෙන් කොපමන පිරිසක් රැකියා නියුක්තිකයන් වී ඇතිද යන්නත්, ඒවගේම රැකියා අපේක්‍ෂාවෙන් කොපමණ පිරිසක් රැදී සිටිනවාද යන්නත් අප සොයා බැලිය යුතුයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් කර්මාන්ත හා සෙසු ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය හා පුද්ගලික අංශයේ විවිධ වු ක්‍ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සඳහා මෙම පිරිස යොමු කිරීම කෙරෙහි ද අපගේ අවධානය යොමුකල යතුයි. ඒවගේම ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීම හා ඔවුන්ට ලබාදිය හැකි පහසුකම් ගැනද සොයා බැලීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා විදිමත්වු යාන්ත්‍රනයක් ඇති කරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.

    2016, 2017, 2018 වර්ෂයන් හි විශාල ප්‍රමාණයක් වෘත්තීය පුහුණුව ලබා ඇති බැවින් ඔවුන්ට වෘත්තීන් සඳහා යොමු වීමට මග පෙන්වීම කළ යුතු බවත් රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    Latest News