කොත්මලේ වාන් දොරටුවක් තවමත් විවෘතයි

අගෝ 13, 2019

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසු ගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඊයේ (12) දහවල් සිට විවෘත කර තිබු ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනෙන් දෙකක් අද (13) අලුයම වන විට වසා දමා එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබේ.

    ඊයේ දිනට සාපෙක්ෂව මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද අලුයම වන විට පැවති අධික වර්ෂාව තරමක් අඩු වී තිබේ.‍ ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් ඊයේ දින විවෘත කර අද අලුයම වන විට එය වසා දැමිමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් කටයුතු කර තිබේ.

    විමසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන අතර, නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේත්, මස්කෙලිය ශ්‍රී පාද නල්ලන්නිය මාර්ගයේ මොහිණිඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඊයේ දින පස් කදු කඩා වැටිම නිසා  එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තවදුරටත් එක් මංතිරුවකට සිමා කර තිබේ.

    පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ට්ම ඉහළ යමින් පවතින බවතියි. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරීමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ    දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාර  ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 09:18

    Latest News