එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද විවෘත කිරිමට සිදුබන බවයි, එහි ඉංජිනේරුවරු පවසන්නේ. ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් හා ජලය පරිහරණය කරන අය සැලකිළිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවට දැනුම් දෙයි.
මේ අතර, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.