ගොවි සිහින බොඳකර බිඳීගිය දේවහූව සොරොව්ව (ඡායාරූප)

පෙබ 26, 2019

    දේවහුව ජලාශයේ සොරොව්ව කැඩී යාමෙන් මාස ගණනාවක් තිස්සේ වැවේ  ජලය විශාල වශයෙන් අපතේ යෑම නිසා යල කන්නය ගොවීන්ට ජල හිඟයකට මුහුණ පෑමට සිදුව ඇතැයි දේවහුව  ගොවි සංවිධාන පවසයි. 

    මාතලේ - අනුරාධපුර දිස්ත්‍රික්කයත් මායිම්ව මාතලේ දිස්ත්‍රික් පරිපාලනය යටත්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට යටතේ දේවහුව ජලාශය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. දිනකට අක්කර අඩි 25ක පමණ ජල ධාරිතාවයක් නිකරුනේ විනාශ වෙමින් පවතින බවත්  ප්‍රදේයේ ගොවි සංවිධාන වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දුන්න ද මෙතෙක් ඊට විසඳුමක් ලැබී නැතැයි ඔවුහු චෝදනා කරති.

    මේ වන විට දේවහුව ජලාශය  යටතේ වගා කෙරුණු කුඹුරු වල වී අස්වැන්න නෙලීම ආරම්භ කොට තිබේ. සොරොව්ව අබලන්ව   පහළට ගලා එන ජලය හේතුවෙන් වී අස්වැන්න නෙලා ගැනීමට ද නොහැකි තත්ත්වයක පත්ව තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දේවහුව ජලාශ භාර  නේවාසික කළමනාකරු පි.ජී.රත්නසිරි මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ තමන් වාරිමාර්ග ඉංජිනේරු නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දී තිබෙයි.  එහි පවතින තාක්ෂණික ගැටලූව ඉංජිනේරුවන්ට මිස වෙනත් අයෙකුට සැකසීමට නොහැකි බවය.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දඹුල්ල කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරු ආර් .පි . වීරසූරිය මහතාගෙන් අප කළ විමසීමක දී කියා සිටියේ සොරොව්වේ වතුර පිටවීමක් පවතින බවයි. එය අලූත්වැඩියා කිරීමට නම් ජලාශයේ ජලය අඩු කළ යුතු බව ද කුඹුරු වගාවන් සදහා ජලය නිකුත් කළ නිසා එය සිදුකර ගැනීමට නොහැකි වූ බව සඳහන් කළේය.

    මෙවැනි හදිසියක්  වූ විට අමතර දොරටුවක්   තිබෙන බවත් මේ වන විටත් තම නියෝජිතයෙකු එම අමතර දොරටුව වැසීම සඳහා දේවහුව ජලාශයට යවා තිබෙන බව හෙතෙම සඳහන් කළේ ය. ඉදිරියේ දී මෙම සොරොව්ව සහ වාන ආදී ප්‍රදේශ අලුත් වැඩියා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

    dewahuwa jalasaya 04jpg

    dewahuwa jalasaya 03jpg

    dewahuwa jalasaya 02jpg

     

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 07:26

    Latest News