මේ වන විට එහි සාක්ෂි විමසීම අවසන් අදියරේ පවතියි. අවසන් වාර්තාව මේ මස 23 වැනිදා ලබාදීමටයි, තීරණය කර ඇත්තේ. එහෙත්, ලබන සැප්තැම්බර් මස 23 වැනිදා දක්වා එහි කටයුතු පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවයි, නියෝජ්‍ය කථානායකවරයා පවසන්නේ.
කොමිසමේ කටයුතු තවත් මසද කාලයක් දක්වා දීර්ඝ කිරීමට, අදාළ යෝජනාව එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී කථානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි.