දුම්රිය අනතුරකින් ව්‍යාපාරිකයෙකුට තුවාල

නොවැ 20, 2018
    කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෝටර් රථයක ගමන් කළ ව්‍යාපාරිකයෙකු යාපනය රෝහලට ඇතුලත් කෙරිණ.
    යාපනය කන්දර්-මඩම් හින්දු කාන්තා වීථිය අසල අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරිමේදී මෙම අනතුර සිදුව ඇත.
    අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුවී තිබේ.යාපනය සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගයේ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග විශාල ප්‍රමාණයක් පවතී.

    Latest News