ඇමති බන්දුලගෙන් ණය පියවීමට සැලසුමක් (වීඩියෝ)

නොවැ 20, 2018
  • රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ලබාගත් අධික ණය රට ආර්ථික අර්බුදයකට රැගෙන ගිය බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
    අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව පැහැදිලි කෙරිණ. දේශීයව හෝ වෙනත් ගෝලීය අර්බුදයක් හෝ නොමැති අවස්ථාවක මෙලෙස අධික ණය ලබාගැනීම සිදුව ඇති බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.
     
    අමාත්‍ය බන්දුල ගුණවර්ධන - “මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රට බාරගන්න කොට නොපියවා තිබු ණය ප්‍රමාණය ට්‍රිලියන 03යි.  එතුමා මේ රට අවුරුදු 10ක් පාලනය කළා. තිස් අවුරුද්දකින් නිම කරන්න බැරි යුද්ධය නිම කෙරුවා. ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබ්බා, ආහාර අර්බුදය තිබ්බා, ඒ වගේම මුල්‍ය අර්බුදය තිබ්බා.  සියලු අර්බුද හමුවේ 2015 රට බාරදෙන විට රටේ තිබුණු මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 7යි. අවුරුදු 10ක් තුළ ණය වැඩි වෙච්ච ප්‍රමාණය ට්‍රිලියන 5යි. දැන් නොපියවපු ණය ප්‍රමාණය ට්‍රිලියන 11.4යි.  අවුරුදු හතරක් ගතවුනෙත් නැහැ අවුරුද්දකට ට්‍රිලියනය බැගින් ණය වැඩිවවෙලා තියෙනවා. රට යන්න බැරි මට්ටමකට ඇවිල්ලා බිත්තියට හේතුකරන කොට ජනාධිපතිතුමා මොකක්ද කෙරුවේ නැත්තටම නැතිවෙලා තියෙන රට බාරගෙන, මුදල් අමාත්‍යාංශයත් බාරගෙන, දන්න විධියකට රට පාලනය කරලා රට බේරගන්න කියලා කිව්වා. ඒක ඉෂ්ඨ කරන්න යනකොට තමයි ඒක කරන්න නොදී අකුල් හෙලන්නේ යැයි ඔහු කියා සිටියේය“
    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 12:19

    Latest News