පාස්කු ප්‍රහාරයෙන් පසු පැමිණිලි භාර ගැනීමට පොලිස් මුලස්ථානයේ පිහිටුවා තිබු විශේෂ කමිටුව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතා විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව කළ පැමිණිල්ලකට අනුව මෙම සෝදිසි කිරිම කළ බව පොලිස් මුලස්ථානය පවසයි.
අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ මහතාගේ පුත්තලමේ පිහිටි නිවසේ අවි ආයුධ සඟවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතාගේ පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබිණ.
එම පැමිණිල්ල අනුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මගින් ඊයේ (19) දින සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් කිසිදු අවි ආයුධයක් සොයා ගැනීමට නොහැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.