රියදුරුට මරු කැඳවමින් මොරගස්වැව අනතුරක්

සැප් 07, 2019

    හබරණ, මොරගස්වැව ප්‍රදේශයේ දී වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක් හා පානීය ජලය ප්‍රවාහනය කරමින් සිටි කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් ලොරි රථයේ රියදුරු මියගියේය.

    අනතුර සිදුවුණේ ඊයේ රාත්‍රියේ. ලොරි රථයේ සහායකයා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරිණ. අනතුරෙන් මිය ගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර නැමැති වයස අවුරුදු 29ක් වු අයෙකි. අනතුර හේතුව ටිපර් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනයයි.

    ඔහු අද (07) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හබරණ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News